වයඹ පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් නවීන ‘සිමෙන්ති ස්ථායීකරණ’ (Cement Stabilization) ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. පවතින ප්‍රතිපාදන සීමිත වීම හේතුවෙන්, සාම්ප්‍රදායික බොරලු ඇතිරීමේ ක්‍රමය වෙනුවට මෙම නව තාක්ෂණය අත්හදා බැලීම සිදු කෙරේ.
මෙම ක්‍රමවේදයේදී මාර්ගයේ පස් ස්ථරය පරීක්ෂාවට ලක් කර, ඒ සඳහා 3%ත් 6%ත් අතර සිමෙන්ති ප්‍රමාණයක් මිශ්‍ර කරනු ලැබේ. ඉන්පසුව, එම මිශ්‍රණය මාර්ගය පුරා ඒකාකාරීව පතුරුවා, නියමිත තෙතමනයක් සහිතව සම්පීඩක යන්ත්‍ර භාවිතයෙන් මාර්ගය තද කර ශක්තිමත් කිරීම සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර පොල්පිතිගම, ඉරුදෙණියාය ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරණාරත්න සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නීතීඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
පිරිවැය කාර්යක්ෂමතාව සහ මාර්ගවල කල්පැවැත්ම ඉහළ නැංවීම මෙම නව ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඉදිරියේදී මෙම අත්හදා බැලීමේ ප්‍රතිඵල මත පදනම්ව, පළාතේ අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා මෙම තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර