මෙරට තැපැල් සේවාව නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ, මුලතිව් සහ යාපනය කයිතඩි ප්‍රදේශවල ඉදිකළ නව තැපැල් කාර්යාල ගොඩනැගිලි දෙක ජනතා අයිතියට පත් කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මුලතිව් නව තැපැල් කාර්යාලය අද (18) දින ජනතා අයිතියට පත් කෙරෙන අතර, කයිතඩි නව තැපැල් කාර්යාලය හෙට (19) දින විවෘත කිරීමට නියමිතය. රුපියල් මිලියන 56ක පමණ වියදමකින් මෙම ගොඩනැගිලි ඉදිකර ඇත.
මීට අමතරව, පුතුකුඩියිරුප්පු ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නව තැපැල් කාර්යාලය සඳහා අමාත්‍යවරයා අතින් අද දින මුල්ගල තැබීමට නියමිතය. රුපියල් මිලියන 32ක වියදමින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල 2027 අප්‍රේල් මාසය වන විට ජනතාවට ලබා දීම අරමුණයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන් කර තිබුණි. එම ප්‍රතිපාදන යටතේ මේ වන විටත් තැපැල් කාර්යාල කිහිපයක් ජනතා අයිතියට පත් කර ඇති අතර, තවත් කාර්යාල 200කට ආසන්න සංඛ්‍යාවක් අලුත්වැඩියා කර ඇත.
තැපැල් සේවාව වඩාත් කාර්යක්ෂම සහ නවීන සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් වාහන මිලදී ගැනීම, පරිගණක තාක්ෂණය හඳුන්වා දීම සහ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම ඇතුළු පුළුල් වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර