කොළඹ නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් ආරම්භ වූ City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NUWA, සිය පළමු වසරේ මෙහෙයුම් සාර්ථකව නිම කරමින් විශිෂ්ටත්වය සමරයි. අහස උසට විහිදුණු හෝටල් අවකාශයක අසමසම අත්දැකීමක් ලබා දෙමින්, NUWA කෙටි කලක් තුළ මෙරට සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී සලකුණක් බවට පත්ව තිබේ.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් පිරිනමනු ලබන තරු පහේ නිල වර්ගීකරණය හිමි කර ගැනීමට NUWA සමත් විය. ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සුඛෝපභෝගී ප්රමිතීන් පවත්වා ගැනීම සහ ලොව පුරා සිටින ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් මෙම හෝටලය දක්වන දායකත්වය ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට ලක්ව ඇත.
NUWA හි සුවිශේෂත්වය වන්නේ සෑම අමුත්තෙකුගේම අවශ්‍යතා හඳුනා ගනිමින් ලබාදෙන පුද්ගලිකකරණය කළ සේවාවයි. බට්ලර් සේවාව, අමුත්තන්ගේ රුචිකත්වයට අනුව සකසන ලද සංචාරක සැලසුම් සහ දේශීය සංස්කෘතිය කැපී පෙනෙන අලංකරණයන් මගින් අමුත්තන්ට ලෝක මට්ටමේ අත්දැකීමක් සමග දේශීය අනන්‍යතාවය ද අත්විඳීමට අවස්ථාව සැලසේ.
ජාත්‍යන්තර ව්‍යාපාරික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ලොව ප්‍රකට පුද්ගලයන් රැසක් NUWA හි සේවාවන් ලබාගෙන ඇති අතර, එමගින් කොළඹ නගරය ජාත්‍යන්තර තත්ත්වයේ සේවා සැපයිය හැකි ප්රමුඛ ගමනාන්තයක් බවට ලොවට පෙන්වා දී තිබේ. නවාතැන්, ආහාර පාන, සාප්පු සවාරි සහ විනෝදාස්වාදය එකම වහලක් යටට ගෙන එන City of Dreams Sri Lanka හි මෙම සාර්ථකත්වය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව්‍ය බලාපොරොත්තුවක් යථාර්ථයක් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර