ශ්‍රී ලංකාවේ කාන්තාවන් ශ්‍රම බලකායෙන් ඉවත්වීමට බලපාන ප්‍රධාන සාධකය ලෙස වැටුප් නොලබන සහ අසමාන ලෙස බෙදී ඇති රැකවරණ වගකීම් හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. දකුණු කොරියාවේ සෝල් නුවර පැවති කාන්තා ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ කලාපීය සමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
දරුවන් රැකබලා ගැනීම, වැඩිහිටි පවුලේ සාමාජිකයන්ගේ වගකීම් සහ ගෘහස්ථ කටයුතු වැනි වැටුප් නොලබන කාර්යයන් නිසා කාන්තාවන්ට රැකියාව සහ පවුල් ජීවිතය අතර සමබරතාව පවත්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබේ. මෙම රැකවරණ කටයුතු කාන්තාවන්ගේ පමණක් වගකීමක් ලෙස නොසලකා, එය පවුල, ප්‍රජාව, සේවා යෝජකයන් සහ රජය අතර බෙදාගත් වගකීමක් ලෙස පිළිගත යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.
රැකවරණ සේවා අත්‍යවශ්‍ය වුවද, ඒවා බොහෝ විට සමාජය තුළ අවතක්සේරුවට ලක්ව ඇති බව ඇය පෙන්වා දුන්නාය. එම නිසා, ළමා රැකවරණය, වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන් සඳහා වන සේවාවන් පුළුල් කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළාය. මේ සඳහා සමාජ ආකල්පවල වෙනසක් මෙන්ම වැඩි ආයෝජනයක් ද අවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාව මේ වන විට වඩාත් ඇතුළත් සහ ඵලදායී සමාජ රැකවරණ පද්ධතියක් ගොඩනැගීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති අතර, එය මේ වන විට අමාත්‍ය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. කලාපීය රටවල් සමඟ එක්ව අත්දැකීම් හුවමාරු කර ගනිමින් මෙම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ඇය සඳහන් කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර