SOS ළමා ගම්මාන ශ්‍රී ලංකා සංවිධානය විසින් දරුවන්ගේ කලාත්මක කුසලතා සමාජය හමුවට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘Rhythm of Unity’ ප්‍රාසංගික වැඩසටහන අද (19) පස්වරු 7.00ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා SOS ළමා ගම්මානවල ජීවත්වන දරුවන් මෙන්ම එම සංවිධානයේ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් නියෝජනය කරන දරුවන්ට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවේ. නැටුම්, ගැයුම් සහ වැයුම් ඇතුළු විවිධ සංස්කෘතික අංගයන්ගෙන් මෙම ප්‍රසංගය වර්ණවත් වනු ඇත.
දරුවන්ගේ නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. පිළියන්දල, නුවරඑළිය, ගාල්ල, අනුරාධපුරය, මොණරාගල, යාපනය, ගන්දර සහ පැරෑලිය යන ප්‍රදේශවල පිහිටි SOS ළමා ගම්මානවල දරුවන් මේ සඳහා දිගු කලක සිට පුහුණුවීම්වල නිරත විය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් SOS ළමා ගම්මාන ශ්‍රී ලංකා ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා සඳහන් කළේ, දරුවන්ගේ දක්ෂතා අගය කිරීම සහ ඔවුන් වගකීම් සහගත පුරවැසියන් ලෙස සමාජගත කිරීම උදෙසා මෙවැනි වැඩසටහන් මහඟු පිටුවහලක් වන බවයි. දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ හැකියාවන්ට නිසි පිළිගැනීමක් ලබා දීම අත්‍යවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර