දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, අඩු ආදායම්ලාභී පවුල් සහ අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. 2029 වසර වන විට පවුල් ලක්ෂ 12ක් ආර්ථික වශයෙන් ස්වාධීන කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයයි.
මෙම වැඩසටහන යටතේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව, ස්වයං රැකියා සඳහා උපකරණ ලබාදීම, කුඩා ව්‍යාපාර සඳහා ක්ෂුද්‍ර ණය පහසුකම් සහ නිවාස ලබාදීම වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ‘ප්‍රජා සවියට නව බලයක්’ නමින් විශේෂ වැඩසටහනක් ද හඳුන්වා දී ඇත.
මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැවති දැනුවත් කිරීමේ සමුළුවකදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව නවීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කරන බවද ඔහු පැවසීය.
පසුගිය වසරේදී සමෘද්ධි බැංකු හරහා රුපියල් බිලියන 60ක ණය මුදලක් ලබා දී ඇති අතර, ඉදිරි වසරේදී එම ප්‍රමාණය රුපියල් බිලියන 70 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ඩොලර් මිලියන 100ක විශේෂ වැඩසටහනක්ද වසර අවසානයේ ක්‍රියාත්මක වීමට නියමිතය.
සමෘද්ධි බැංකු පද්ධතිය සතු රුපියල් බිලියන 600කට ආසන්න මහජන වත්කම් නැවත ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට රජය තීරණය කර ඇත. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර