ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත. මෙම ඖෂධ තොගය ටොන් තුනක බරින් යුක්ත බව වාර්තා වේ.
අදාළ ඖෂධ තොගය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J වර්ගයේ ගුවන් යානයක් දිවයිනට ළඟා වී තිබේ.
මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රශීලී සබඳතාවයේ සංකේතයක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සඳහන් කරයි. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි මේ පිළිබඳව සටහනක් තබමින් මේ බව තහවුරු කළේය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර