ආර්මේනියානු පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සභා ගර්භය තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම සිදුවීම සජීවීව විකාශය වෙමින් තිබියදී වාර්තා වීම විශේෂත්වයකි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සිවිල් ගිවිසුම් පක්ෂයේ මන්ත්රී ටාරොන් චකෝයන් සහ විපක්ෂයේ ශක්තිමත් ආර්මේනියාව කණ්ඩායමේ මන්ත්රීවරුන් අතර ඇති වූ වාදයක් මෙම ගැටුමට මුල් වී ඇත. විපක්ෂ නායකවරයාගේ ඥාතියෙකු සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් මන්ත්රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව පසුව ශාරීරික ගැටුමක් දක්වා වර්ධනය විය.
ගැටුම අතරතුර මන්ත්රීවරුන් එකිනෙකාට පහර දෙන ආකාරය සහ පුටු විසි කරගන්නා ආකාරය දර්ශනවල සටහන්ව තිබුණි. එහිදී නියෝජ්ය කථානායකවරයා ද විපක්ෂ මන්ත්රීවරුන් දෙසට පුටුවක් විසි කරන අයුරු දැකගත හැකි විය. මෙම සිද්ධියෙන් විපක්ෂ මන්ත්රීවරයෙකුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති අතර තවත් අයෙකුගේ ඇඳුම් ඉරී ගොස් ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා විසින් සැසිවාරය තාවකාලිකව අත්හිටුවා ආරක්ෂක නිලධාරීන් කැඳවීමට පියවර ගෙන තිබේ. ගැටුම සභා ගර්භයෙන් පිටත කොරිඩෝව දක්වා ද පැතිර ගිය බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්මේනියානු අග්රාමාත්ය නිකොල් පෂින්යන් ප්රකාශ කර ඇත්තේ තමන් ප්රචණ්ඩත්වය හෙළා දකින බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නීත්යනුකූල පියවර ගත යුතු බව එරට මානව හිමිකම් ආරක්ෂකවරිය ද අවධාරණය කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර