මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය නීතිවිරෝධී ඔන්ලයින් ජාවාරම් ජාලයක් වටලා විදෙස් ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර තිබේ.
විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සහ විවිධ ඔන්ලයින් වංචාවලට සම්බන්ධ බවට සැකපිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර චීන ජාතිකයින් 12 දෙනෙක්, බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙක් සහ ඉන්දීය ජාතිකයින් 3 දෙනෙක් වන බව අනාවරණය වී ඇත.
අදාළ ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන ග1ය මෙම ඔන්ලයින් ජාවාරම්වල ස්වභාවය සහ එහි ජාලය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙවීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර