අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ සබරගමුව පළාත් උත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වා ඇත.
රටේ අනාගත මානව සම්පත ලෙස ඔවුන් සිදු කර ඇති කැපවීම සහ ජයග්‍රහණ අගයමින් දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2025 උසස් පෙළ විභාගයේදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර මුදලක් සමඟ ඇගයීම් සහතික පත්‍රයක් ද මෙහිදී ප්රදානය කර තිබේ. උගත් හා බුද්ධිමත් පිරිසක් වෙත රට මෙහෙයවීමේ වගකීම පැවරෙන පරිදි පාර්ලිමේන්තුව සකස් වී ඇති බවත්, සිසු පරපුර දැනුමෙන් මෙන්ම යහගුණයෙන් ද පෝෂණය වී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
අධ්‍යාපනය යනු දරුවෙකුට හුදෙක් දැනුම ලබාදීමකට පමණක් සීමා නොවන බවත්, පරිසරයට ආදරය කරන සහ මානව වටිනාකම් වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම මෙහි අරමුණ බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේය. සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සහ සමාන අවස්ථා උදාකරදීම වත්මන් රජයේ අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර