වැවිලි ක්ෂේත්රය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකාරී තිරසාර කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා නවීන තාක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අත්‍යවශ්‍ය බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි. ජාතික වැවිලි කළමනාකරණ ආයතනය (NIPM) විසින් සංවිධානය කළ සහතිකපත් ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල්කරණය වැනි තාක්ෂණික ප්රවණතා වැවිලි ක්ෂේත්රයට ද කඩිනමින් හඳුන්වා දිය යුතු බවයි. සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කරගනිමින් නව අභියෝග භාරගැනීම රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
වැවිලි ක්ෂේත්රයේ නියුතු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම යනු හුදෙක් වැටුප් වැඩි කිරීම පමණක් නොවන බවත්, ඔවුන්ගේ නිවාස, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම රජයේ වගකීමක් බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. දේශගුණික විපර්යාස හමුවේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළේය.
2030 වසර වන විට තේ, පොල් සහ රබර් අපනයන ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට රජය ඉලක්ක කර ඇත. ඒ අනුව තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200 දක්වාත් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ජාතික ඉලක්ක ජයගැනීම සඳහා රාජ්‍ය ආයතන, පර්යේෂණ ආයතන සහ විශ්වවිද්‍යාල ඇතුළු සියලු පාර්ශ්වයන් එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර