ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව, ජනවාරි මස 01 වන දින සිට නොවැම්බර් මස 08 වන දින දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,912,233ක් ලෙස සටහන් වේ.
නොවැම්බර් මාසයේ මුල් දින අට තුළ පමණක් සංචාරකයන් 49,929 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වසරේ මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් අතර ඉන්දියාව පෙරමුණ ගෙන සිටියි. එම කාලසීමාව තුළ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 512,026 කි.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර එම සංඛ්‍යාව 176,670 කි. චීනයෙන් 126,326 දෙනෙකු සහ ජර්මනියෙන් 108,754 දෙනෙකු වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ මුල් දින අට තුළදී ද වැඩිම සංචාරකයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. එම දින කිහිපය තුළ පමණක් ඉන්දීය සංචාරකයන් 12,401 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර