ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ නවීන මට්ටමකට ගෙන ඒමේ අරමුණින් අසර්බයිජානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
මෙම ගිවිසුම යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දෙරට එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ අදාළ ක්ෂේත්රයන්හි ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ට අසර්බයිජානයේදී උසස් පුහුණුවක් ලබාදීමයි. අනතුරුව එම පුහුණුකරුවන් හරහා මෙරට රාජ්‍ය සේවය තුළ නවීන ක්‍රමවේදයන් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමේ පියවරක් ලෙස මෙම වැඩසටහන වැදගත් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර