මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (03) දින විශේෂ නිරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (02) දිනයේදී පවත්වා තිබුණි.
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බුස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොලොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සිද්ධියෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ගැටුම හේතුවෙන් බන්ධනාගාරයේ ගොඩනැගිලි සහ දේපළවලට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ.
මේ අතර, බන්ධනාගාරයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඉදිරි දින තුනක කාලයක් සඳහා රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන්ට අවසර ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර