ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනී රශ්මිකා මන්දන්නා හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් සති හයක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගෙන තිබේ.
ඇය සිය නවතම චිත්‍රපටයක රූගත කිරීම්වල නිරතව සිටියදී, දැඩි ශාරීරික වෙහෙසක් අවශ්‍ය වන දර්ශනයක් අතරතුර ඇද වැටීමෙන් මෙම ආබාධය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඇයගේ උකුල් පටකයකට (Hip Tendon) බරපතළ හානි සිදුව ඇති බව සඳහන් වේ.
අනතුර සිදුවූ වහාම රූගත කිරීම් කටයුතු නතර කර ඇයව රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දී ඇත. වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඇයට සති හයක කාලයක් පූර්ණ විවේකයක් ලබාගන්නා ලෙසත්, ඉන්පසු පුනරුත්ථාපන වැඩසටහනක් ඔස්සේ නැවත රූගත කිරීම් සඳහා එක්වන ලෙසත් වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.
මෙම අනතුර නිසා ඇයගේ ඉදිරි සිනමා කටයුතු සහ වෙළෙඳ ප්‍රචාරණ ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇත. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් රශ්මිකා මන්දන්නා හෝ ඇයගේ කළමනාකරණ කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර