Browsing: ශ්‍රී ලංකාව

කහටගස්දිගිලිය ප්‍රදේශයේදී මියගිය වනඅලියෙකුගේ වම් දළය කිසිවෙකු විසින් කපාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අලි ඇතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීම අරමුණු කරගනිමින් ‘හස්ති සේනා’ විශේෂ මෙහෙයුම ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

බෝ නොවන රෝග සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදාගෙන ක්‍රීඩාශීලී සමාජයක් ගොඩනැගීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි 28 වන දින කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ පරම වීර විභූෂණ සම්මානලාභී කපිතන් යූ.ජී.ඒ.එස්. සමරනායක මහතාගේ පවුලේ සාමාජිකයන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හමුවිය.

බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සිය නිවස අසලදී රසිකයින් හමුවීමේදී විශේෂ ආරක්ෂිත වීදුරු ආවරණයක් භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගලයින් 20 දෙනෙකු පමණ මත්ද්‍රව්‍යවලට අලුතින් ඇබ්බැහි වන බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනතුරු අඟවයි.

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත සම ශූරතාව ලකුණු 130 බැගින් ලබාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක විසින් දිනාගනු ලැබීය.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී මාස අටකට අධික කාලයක් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් තිදෙනෙකු මුදාගැනීමේ අධි අවදානම් මෙහෙයුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සංචිතය විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.