Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 සඳහා නවීන සුහුරු පන්ති කාමර සහ දුරස්ථ ඉගෙනුම් පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ඕස්ට්‍රේලියාවේ ප්ලෙන්ටි වැලි ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පත්ව තිබේ.

තම ක්‍රීඩක කිලියන් එම්බාපේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජය චීන ජනතාවගෙන් නිල වශයෙන් සමාව අයැද සිටී.

ලබන නොවැම්බර් මස පැවැත්වෙන පොපි දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා වෙත පොපි මලක් පළඳවා ගෞරව දැක්වීය.

2017 වසරේ ආපදාවට ලක්වූ පවුල් 78ක් වෙනුවෙන් වෙන් කළ පිම්බුරවත්ත බටහේන්පිටිය ඉඩම් ව්‍යාපෘතියේ මූලික යටිතල පහසුකම් සංවර්ධනය රජය විසින් ආරම්භ කර තිබේ.

බෙංගාල බොක්කේ පැවති ‘ඔර්නාබ්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ මෙරටට තිබූ බලපෑම අඩුවෙමින් පවතී. කෙසේ වෙතත්, අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 21,000කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටිති.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකළ විශේෂ විමර්ශනයේ තොරතුරු අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සහ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ වැඩමුළුවක් මීගමුවේදී පැවැත්විණි.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප මෝසම පිළිබඳ නියෝගය ලබන 3 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ මිනිස් ජාවාරම් වැළැක්වීම සහ ඊට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් විශේෂ වැඩමුළුවක් පවත්වන ලදී.