Browsing: ශ්‍රී ලංකාව

දකුණු ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය MSC ELSA 3 නෞකාවෙන් පිටවූ ප්ලාස්ටික් පබලු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට ගොඩගැසීමත් සමඟ එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා වඩාත් විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේදයක් සකස් කර අදාළ අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

මඩකලපුව, කළුවාන්චිකුඩි ප්‍රදේශයේ වසර 35ක කාලයක් පුරා පැවති අවශ්‍යතාවක් සපුරාලමින් නවීන පහසුකම් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා බහු පාර්ශ්වීය ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඉන්දියාව බලා යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශක්තිමත් මනසක් ගොඩනගා ගැනීම යනු ගැටලු නොමැති ජීවිතයක් නොව, ගැටලු හමුවේ නොසැලී ඉදිරියට යාමේ හැකියාවයි. අභියෝග ජය ගැනීමට උපකාරී වන ප්‍රායෝගික පියවර කිහිපයක් මෙසේය.

හම්බන්තොට වරායේ මාස ගණනාවක් තිස්සේ නිදහස් කර නොගෙන ඇති වාහන 1025ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අතිශය උද්යෝගිමත් තරග රැසකින් සමන්විත වන අතර, ඒ අතරින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන තරග පහක් මෙසේය.