Browsing: Featured

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන අජන්තා ලෙන් විහාර සංකීර්ණයේ ඇති ඓතිහාසික හා කලාත්මක වටිනාකම පිළිබඳ සංචාරක වාර්තාවක්.

ශ්‍රී ලාංකීය මැණික් විද්‍යාඥයෙකු විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් මැණික් ගල්වල නිරවද්‍යතාව පරීක්ෂා කළ හැකි නවීන තාක්ෂණික උපකරණයක් නිර්මාණය කර ඇත.

අගෝස්තු මාසයේදී කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වියට්ජෙට් සමාගම, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය වේගයෙන් පහත වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු බරපතළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින 6,590කට අධික රෝගීන් වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය රෝහල විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මීගමුව කලපුවේ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා GPS තාක්ෂණය භාවිත කිරීමටත්, කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබේ.