Browsing: Featured

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් අසත්‍ය බව ITN මාධ්‍ය ජාලය නිවේදනය කරයි.

දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියක් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීන මාෆියා කල්ලියක සාමාජිකයෙකු බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ජර්මනියේ බර්ලින් අගනුවර පැවති පෙළපාලියක් ඉලක්ක කර ගනිමින් මෝටර් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කර පලාගිය සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ සීඝ්‍රයෙන් පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් ජනතාව ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවක් තම නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.

රුසියානු හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කරමින් දියත් කරන දැවැන්ත ප්‍රහාර හමුවේ යුද්ධය තීරණාත්මක අදියරකට එළඹ තිබේ. මේ හේතුවෙන් යුක්රේන රජය ඉහළම හමුදා නායකත්වය ද වෙනස් කිරීමට පියවර ගෙන ඇත.

යාපනය වසාවිලාන් යුද හමුදා රෝහල ඉවත් කරන ලෙස ඉලංකෙයි තමිල් අරසු කඩ්චි පක්ෂයේ එම්. ඒ. සුමන්තිරන් රජයට අභියෝගයක් එල්ල කර තිබේ.