Browsing: Featured

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවෙකුගේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

කඩුවෙල මහ නගර සභාව විසින් සංවිධානය කළ ‘ස්වර්ණ ද්වාර’ සාහිත්‍ය කලා මහෝත්සවය අභිමානවත් ලෙස පැවැත්විණි.

බොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ඉතාලි හමුදා සාමාජිකයින් ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන i5 ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 14 සහ 12 හැවිරිදි බාලවයස්කාර සහෝදරයන් දෙදෙනා භාරදිය හැකි ඥාතීන් පිළිබඳව වාර්තාවක් කැඳවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඇමේසන් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරියකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් විසින් OpenAI සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

භූතානයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි ග්ලැසියර විලක් පුපුරා යෑම හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ ඇසෑම් ප්‍රාන්තවලට ගංවතුර අවදානමක් මතුව තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින විනිවිදභාවය සහ රක්ෂණ සමාගම්වල මැදිහත්වීම් සම්බන්ධයෙන් බරපතළ සැක මතු වී තිබේ.