Browsing: Featured

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළ සේවය වෙනුවෙන් තෙවන චාල්ස් රජු අතින් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.

ජනාධිපති අරමුදල මේ වන විට ජනතා කේන්ද්‍රීය අරමුදලක් බවට පත් කර ඇති බවත්, සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

රාජ්‍ය භාෂා සතියට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජය හිඟුරක්ගොඩ විජිත මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස හානියට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් ගැටුම්කාරී සිදුවීම් සහ ඒ පිටුපස ඇති මත්ද්‍රව්‍ය ජාලය ඇතුළු ගැඹුරු සමාජ ගැටලු පිළිබඳ විමසුමක්.

මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන් අටදෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමට සම්බන්ධ රැඳවියන් 75 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන 2026 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරතාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටි සිසුන් සඳහා මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයේ (MSU) අනුබද්ධිත කොළඹ MSI ආයතනය හරහා පරිගණක විද්‍යා උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇත.

අමෙරිකා-ඉශ්‍රායෙල් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ හිටපු නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයට සාධාරණය ඉටු කරන බව නව නායක මොජ්තබා කමේනි පවසයි.

කන්දකුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් භාරයේ සිටියදී ඔහුට අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලා දුරකථන ඇමතුම් 76ක් ලැබී තිබේ.