ගල්කිරියාගම, බළලු වැවේ වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද දින සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගාලදිවුල් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version