මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියන්හි ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බේරුවල සහ පයාගල දුම්රිය ස්ථාන අතර පිහිටි මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇත.

පවතින තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, අදාළ අංශ විසින් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබේ.

දුම්රිය මගීන්ට තම ගමන් වාර සැලසුම් කර ගැනීමේදී මෙම ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version