ලෝක මානව ජාවාරම් විරෝධී දිනයට සමගාමීව කොළඹදී පැවැති ජාතික සමුළුවක් අමතමින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා මේ බව අවධාරණය කළේය. ජාතික මානව ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ, වර්තමානයේ තාක්ෂණය උපයෝගී කරගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් රැකියා ලබාදීමේ මුවාවෙන් පුද්ගලයන් නොමග යවන බවයි. මෙය සයිබර් අපරාධ සහ මුදල් විශුද්ධිකරණය වැනි බරපතළ අපරාධ සමඟ සම්බන්ධ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මානව ජාවාරම් මැඩලීම සඳහා කාලීන තොරතුරු හුවමාරුව, වින්දිත කේන්ද්‍රීය ප්‍රතිපත්ති සහ මූල්‍ය විමර්ශන ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. මානව හිමිකම් සුරකිමින් තාක්ෂණයේ වගකීම් සහගත භාවිතය හරහා මෙම ජාවාරම් ජාලයන් බිඳ දැමිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජාවාරම්කරුවන් නීතිය හමුවට පැමිණවීම සහ වින්දිතයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඔහු මෙහිදී අපේක්ෂා කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර