ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී පියවරක් ලෙස, කළුතර, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘ජන අරුණගම’ ආදර්ශ ගම්මානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
2018 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය විවිධ ආර්ථික අභියෝග හමුවේ අතරමග නතරවී තිබුණද, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර ගනු ලැබීය. නිවාස 24කින් සමන්විත මෙම ගම්මානය සඳහා ඉන්දීය රජය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍ය දායකත්වය ලබා දී ඇත.
සෑම නිවසක්ම නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. මීට අමතරව පානීය ජලය, විදුලිය සහ මාර්ග පද්ධතිය ඇතුළු සියලුම යටිතල පහසුකම්වලින් මෙම ගම්මානය පරිපූර්ණ කර තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙය හුදෙක් නිවාස ඉදිකිරීමක් පමණක් නොව අඩු ආදායම්ලාභී පවුල්වලට ගෞරවාන්විත ජීවිතයක් සහ සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන මානුෂීය ව්‍යාපෘතියක් බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය මෙම ව්‍යාපෘතිය තුළින් මනාව පිළිබිඹු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා ආදර්ශ ගම්මාන 25ක් ඉදිකිරීමේ වැඩසටහනේ 20 වැනි අදියර ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර, මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ නිවාස 480ක් ජනතා අයිතියට පත් කර ඇත. උත්සව අවස්ථාව සඳහා දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර