එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කර ඇති බව වාර්තා වේ. 53 හැවිරිදි ෆ්ලෙමින් ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ධුරයක් භාරගන්නා පළමු අවස්ථාව මෙය වේ.
මීට පෙර ඔහු වසර 17ක කාලයක් අඛණ්ඩව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු එම ධුරයට පත්වූ අතර, මෑතකදී ඔහු එම වගකීම්වලින් ඉල්ලා අස්විය.
වාර්තා වන පරිදි, එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිදුකිරීමට නියමිත සංචාරයට පෙර ස්ටීවන් ෆ්ලෙමින් සිය නව රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ඉදිරි ගමන වෙනුවෙන් ඔහුගේ අත්දැකීම් බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර