මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ, නව මෙට්‍රෝ බස් රථ සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
චීනය සහ තවත් රටවල් කිහිපයකින් ආනයනය කරන ලද මෙට්‍රෝ බස් රථ 121ක් මේ වන විට ලියාපදිංචි කිරීමේ සහ නීතිමය කටයුතු සිදුකරමින් පවතී. එම කටයුතු අවසන් වීමෙන් පසු අගෝස්තු මස අවසානයේදී මෙම බස් රථ මහජනතාවගේ භාවිතය සඳහා එක් කිරීමට නියමිතය.
මෙම වසර අවසන් වීමට පෙර ජපානයෙන් තවත් බස් රථ 50ක් මෙරටට ලැබීමට නියමිත අතර, එම බස් රථ ද යොදාගනිමින් කොළඹින් ඔබ්බට යාපනය සහ මහනුවර දක්වා මෙට්‍රෝ බස් සේවාව පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම සේවාව සඳහා අවශ්‍ය නව මාර්ග හඳුනාගෙන ඇති අතර, යාපනය සහ මහනුවර ප්‍රදේශවල මෙට්‍රෝ බස් රථ සඳහා විශේෂිත කාර්මික මධ්‍යස්ථාන (Depots) ඉදිකිරීමට ද පියවර ගෙන තිබේ.
පොදු ප්‍රවාහන සේවය ජනප්‍රිය කරවීම තුළින් රටේ පවතින රථවාහන තදබදය අවම කිරීම, ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර