කැලණි ගඟ ආශ්රිත ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (01) උදෑසන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ගඟේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පෙන්වා දෙයි.
මෙම අනතුරු ඇඟවීම අද උදෑසන 7.30 සිට ක්‍රියාත්මක වන අතර එය අනිද්දා (03) උදෑසන 7.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
මේ අනුව, දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර