පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය සහ ලක්සල යන ආයතන ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ලෙස ‘ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය’ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වූ පරිදි, 2027 වසර වන විට මෙම නව අධිකාරිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රතිව්‍යුහගතකරණය හරහා සාම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන මෝස්තර නිර්මාණකරණය සහ තාක්ෂණය සමඟ මුසු කර ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී කර්මාන්තයක් ලෙස දියුණු කිරීම රජයේ අරමුණයි. ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා තරුණ පරපුරට උසස් තාක්ෂණික පුහුණුව ලබා දෙමින් මෙම ක්ෂේත්රයට ආකර්ෂණය කර ගැනීමටද සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, පේෂ කර්මාන්ත ක්ෂේත්රයේ පවතින මානව සම්පත් හිඟය සහ පුහුණු වැඩසටහන්වල පවතින ගැටලු පිළිබඳව කාරක සභාවේදී දැඩි අවධානය යොමු විය. විශේෂයෙන්ම, පුහුණු පාඨමාලා සඳහා ඇතුළත් වන සිසුන් අතරින් 40%කට වැඩි පිරිසක් පාඨමාලා අතරමග හැර යාම සහ රජය විසින් වැය කරන විශාල මුදල අපතේ යාම පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
එමෙන්ම, කොවිඩ් සමයේ මිලදී ගත් යන්ත්‍ර භාවිතයට නොගැනීම සහ ආදායම් උත්පාදනය සඳහා දෙපාර්තමේන්තුව සතු සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නියමිත කාලසීමාව තුළ සාර්ථකව නිම කිරීමේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර