රත්මලාන – කඳවල මාර්ගයේ සහ ඒ දෙපස පවතින කාණු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. බස්නාහිර පළාත් සභා කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
මෙම මාර්ගය ආශ්‍රිතව ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා, උසස් අධ්‍යාපන ආයතන සහ වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇත. කෙසේ වෙතත්, කාණු පද්ධතියේ පවතින අවහිරතා හේතුවෙන් වැසි සහිත කාලගුණයේදී මාර්ගය සහ අවට ගොඩනැගිලි නිරන්තරයෙන් ජලයෙන් යටවීමේ ගැටලුවක් පවතී.
සාකච්ඡාවේදී අනාවරණය වූයේ අනවසර ඉදිකිරීම්, කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම සහ පවතින ජල අපවහන පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බවයි. එසේම, වෙරස් ගඟට ජලය බැසයාමේදී පවතින භූගෝලීය ගැටලු සහ භූගත ජල මට්ටම ඉහළ යාමද ගංවතුර තත්ත්වය උග්‍ර කර ඇත.
ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු සහ වගකිවයුතු ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා මෙම සංවර්ධන කටයුතුවලට බාධාවක් වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ආයතනික සීමාවලින් ඔබ්බට ගොස් සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් දැනටමත් මෙම ව්‍යාපෘතිය සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කර ඇත. අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලක්ෂ්මන් නිපුණ ආරච්චි, රත්මලාන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර