රුසියාවේ මොස්කව් නගර මධ්‍යයේ පිහිටි ඉතාලි අවන්හලක සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි. මෙම සිදුවීමෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ප්‍රහාරය සිදුව ඇත්තේ කුඩ්රින්ස්කායා චතුරශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලකදීය. රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව සඳහන් කරන්නේ, පුපුරණ ද්‍රව්‍යයක් රැගෙන පැමිණි කාන්තාවක් අවන්හලට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු ඇයව වළක්වා ගැනීමට උත්සාහ කළ බවයි.
එම අවස්ථාවේදී ඇතිවූ පිපිරීමෙන් සැකකාර කාන්තාව, ආරක්ෂක නිලධාරියා සහ අවන්හලේ සිටි අමුත්තෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පිපිරීම සිදුවන අවස්ථාවේ එම අවන්හලේ පෞද්ගලික උත්සවයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා දමා ආරක්ෂක පියවර ගෙන තිබුණි. පිපිරීමේ ඉලක්කය හෝ ඊට සම්බන්ධ වැඩිදුර තොරතුරු පිළිබඳව රුසියානු බලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර