පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ අමෙරිකානු – ඉරාන ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවක් ඇති වී තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා මේ බව තහවුරු කර ඇත.
මෙම එකඟතාවට අනුව, ඉරානය විසින් වසා දමා තිබූ හොර්මුස් සමුද්‍ර සන්ධිය වහාම සහ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට එකඟ වී තිබේ. මෙය ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ නව ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවද ට්‍රම්ප් පවසයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙතෙක් නොදුටු තරම් ප්‍රබල හමුදා බලයකින් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානමින් සිටියද, මැදපෙරදිග රටවල ඉල්ලීම මත එම තීරණය වෙනස් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගිවිසුම මගින් ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම සහ ලෝකයේ යහපත උදෙසා කටයුතු කිරීම අරමුණු කර ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර