නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අත්තිඩිය පිහිටි ‘මිහිඳු සෙත් මැදුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට පසුගියදා එක්විය. තම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු එතුමන් සිදුකළ පළමු නිල සංචාරය මෙය වීම විශේෂත්වයකි.

මෙම සංචාරයේදී රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද හමුදාපතිවරයා, ඔවුන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳවද සොයා බැලීය. එමෙන්ම, රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පාර්සල් පිරිනැමීමටද හමුදාපතිවරයා කටයුතු කළේය.

එහිදී රණවිරුවන් විසින් තමන්ගේම නිර්මාණයක් වන සිතුවම් කිහිපයක් යුද හමුදාපතිවරයා වෙත පිළිගන්වමින් සිය ගෞරවය පළ කළහ. මෙම අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්. ජී. එල්. කේ. වීරකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version