පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුකරයේ අඩි 5700ක් උස ප්‍රදේශයක තිබී ප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මල් පුර්ජාගේ දේහය සොයාගෙන ඇති බව එරට ඇල්පයින් සමාජය පවසයි.
පසුගිය සෙනසුරාදා සිදුවූ දරුණු හිම කඳු කඩා වැටීමකින් ඔහු ඇතුළු කණ්ඩායමක් අතුරුදන්ව තිබූ අතර, පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් ඔහුගේ දේහය හඳුනා ගැනීමට හැකි විය.
මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පුර්ජාගේ දේහය හමුවූ ස්ථානය ආසන්නයේම තවත් හඳුනා නොගත් දේහ තුනක් ද තිබී හමුවී ඇත.
43 හැවිරිදි වියේ පසු වූ නිර්මල් පුර්ජා නේපාලයේ උපත ලබා පසුව බ්‍රිතාන්‍ය හමුදාවට එක්වූ අයෙකි. ලොව පුරා කඳු නැගීමේ ක්‍රීඩාවේ නිරත වෙමින් ඔහු වාර්තා රැසක් පිහිටුවා තිබුණි.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් වේල්ස් කුමරු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සිය ශෝකය පළ කර තිබේ.
