ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (05) අලුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඒ මහතාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිතය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර සහයෝගීතා ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version