වැලිගම පරණ කඩේ වෙරළ තීරයේදී සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි විදේශීය සංචාරකයෙකු දියේ ගිලී මියගොස් ඇත. මියගොස් ඇත්තේ මෙරට සංචාරය සඳහා පැමිණි 21 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකි.

පසුගිය 08 වනදා පස්වරුවේ මෙම සංචාරකයන් පිරිසක් වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසියේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය සහ දියවැල් හේතුවෙන් අදාළ තරුණයා මුහුදේ අතුරුදහන් වී තිබුණි.

අතුරුදහන් වූ සංචාරකයා සොයා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ පෞද්ගලික කිමිදුම්කරුවන් එක්ව දැඩි මෙහෙයුමක් දියත් කළ ද, එම අවස්ථාවේදී ඔහුව සොයා ගැනීමට නොහැකි විය.

පසුව අද (09) පෙරවරුවේ අදාළ සංචාරකයාගේ මළ සිරුර වැලිගම පරණ කඩේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version