ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි යුවළක් වෙනුවෙන් ආදේශක මවක් ලෙස කටයුතු කළ මැකේනා වෙස්ට් නැමැති කාන්තාව, බරපතළ හෘද දෝෂයක් සහිතව උපත ලැබූ සති හතරක් වයසැති බිළිඳෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට හදිසි අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
මෙම බිළිඳා පසුගිය අගෝස්තු 12 වැනිදා ‘හයිපොප්ලාස්ටික් වම් හෘද සින්ඩ්‍රෝමය’ නම් ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගී තත්ත්වයකින් උපත ලබා ඇති අතර, උපතින්ම ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් ලෙස සැලකෙන යුවළ, ගර්භණී සමයේදී දරුවා ගබ්සා කරන ලෙස තමන්ට බලපෑම් කළ බව වෙස්ට් චෝදනා කරයි.
දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට එම යුවළ නිසි කැපවීමක් නොදක්වනු ඇතැයි තමන් බිය වන බව ඇය පවසයි. දැනට පවතින නීතිමය ආරවුල හේතුවෙන් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හෝ දරුවා දැක ගැනීමට තමන්ට අවස්ථාවක් නොමැති බවද ඇය සිය අභියාචනයෙන් පෙන්වා දෙයි.
කැලිෆෝනියා අධිකරණය විසින් ලබා දී ඇති දරුවාගේ භාරකාරත්වය පිළිබඳ නියෝගය අත්හිටුවන ලෙස වෙස්ට් ඉල්ලා සිටියද, මෙවැනි පවුල් ආරවුල් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීමේ හැකියාව අවම බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති. ඇමරිකාවේ ආදේශක ගැබ් ගැනීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ ෆෙඩරල් නීතියක් නොමැති වීම මෙම ගැටලුව තවදුරටත් සංකීර්ණ කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර