ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී ප්රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම යානය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරක් පිළිබඳව වාර්තා කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් මියගිය අය අතර NBC මාධ්‍ය ආයතනයේ ඡායාරූප මාධ්‍යවේදිනියක වන එලියානා මොරෙනෝ සහ හෙලිකොප්ටර් නියමුවා වන ජෝර්ජ් මාර්සිනිව් ද වන බව තහවුරු වී තිබේ. මියගිය තෙවන පුද්ගලයා 29 හැවිරිදි එඩී ගුටියරෙස් මෙජියා නම් පදිකයෙකි. යානය කඩා වැටෙන අවස්ථාවේදී ඔහු මාර්ගයේ ගමන් කරමින් සිට ඇත.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇමරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ අනතුරට පෙර හෙලිකොප්ටරය තුළින් පටිගත වූ වීඩියෝවක් මේ වන විට ඔවුන්ගේ භාරයට ලැබී ඇති බවයි. එය පරීක්ෂණ කටයුතු සඳහා ඉතා වැදගත් සාක්ෂියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යානයේ සුන්බුන් පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට පියවර ගෙන ඇත.
ලොස් ඇන්ජලීස් නගරයේ ප්රවෘත්ති ආයතන විසින් පොලිස් හඹායෑම් සහ හදිසි අනතුරු වැනි සිදුවීම් වාර්තා කිරීම සඳහා හෙලිකොප්ටර් භාවිත කිරීම සාමාන්‍ය දෙයක් වුවද, මෙවැනි ඛේදජනක සිදුවීමක් වාර්තා වීම කම්පනයට කරුණක් වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර