ශ්‍රී ලංකාව තුළ සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 80%ක්ම බෝනොවන රෝග හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම මරණ අතරින් බහුතරයකට මූලික හේතුව වී ඇත්තේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙම රෝග දෙක එකිනෙක සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහීමට ලක්වන අතර, එහි දරුණුතම ප්‍රතිඵලය හෘදයාබාධ ඇතිවීම බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
පවතින දත්තවලට අනුව, අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ගෙන් නිසි ලෙස රෝගය පාලනය කරගන්නේ 50%ක් පමණි. දියවැඩියා රෝගීන් අතරින් රෝගය නිසි පාලනයක පවත්වා ගන්නේ 25%ක වැනි ඉතා කුඩා ප්‍රතිශතයක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතිය තුළ නවීන පහසුකම් වැඩිදියුණු කිරීමටත්, රටේ ජනගහන ව්‍යුහයට ගැලපෙන පරිදි සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය කිරීමටත් රජය පියවර ගනිමින් සිටී. ඒ යටතේ ‘ආරෝග්‍යා’ වැඩපිළිවෙළ සහ නවීන හෘද ප්‍රතිකාර ඒකක ස්ථාපනය කිරීම වැනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර