භාවිතයේදී දිරාපත්වීම සහ ඉරීයාම වැනි ගැටළු සහිත ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම් සිදුකර ඇත.

ආනයනකරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වැනි අත්‍යවශ්‍ය තොරතුරු ඇසුරුම්වල සඳහන් නොකරමින් පාරිභෝගික නීති උල්ලංඝනය කළ ආයතන 7ක් මෙලෙස නීතිය හමුවට ඉදිරිපත් කර තිබේ. කොළඹ සහ නුගේගොඩ අධිකරණවලදී වරද පිළිගත් අදාළ ව්‍යාපාරික ස්ථාන වෙත දඩ නියම කර ඇති අතර, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ ඩයපර්ස් තොගය විනාශ කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ, සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ ඇති ලේබල් තොරතුරු හොඳින් පරීක්ෂා කරන ලෙසයි. යම් ගැටළුවක් ඇති වුවහොත් බිල්පත සහ ඇසුරුම සුරක්ෂිතව තබාගෙන පැමිණිලි කරන ලෙසත්, වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

වෙළඳුන් සඳහා උපදෙස් ලබාදෙන එම අධිකාරිය, ආනයනික භාණ්ඩ අලෙවියට පෙර නීතිමය අවශ්‍යතා සපුරා ඇත්දැයි තහවුරු කරගන්නා ලෙසත්, භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි බිල්පත් නිසි ලෙස පවත්වාගෙන යන ලෙසත් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version