දුම්රිය මගීන්ට තම ගමන් බලපත්‍ර පහසුවෙන් සහ කඩිනමින් ලබාගැනීම සඳහා නව අන්තර්ජාල ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.

ඒ අනුව, මගීන්ට www.pravesha.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට අවශ්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

මීට අමතරව, ‘Pravesha’ නමින් හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදුම (Mobile App) භාවිතයෙන් ද මගීන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ඇත.

මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර කවුළු අසල දිගු පෝලිම්වල රැඳී සිටීමේ අපහසුතාව මගීන්ට මින් ඉදිරියට මගහැරී යනු ඇත.

මෙම පහසුකම මගින් මගීන්ට තම ගමන් කටයුතු වඩාත් කාර්යක්ෂමව සැලසුම් කර ගැනීමට හැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version