දුම්රිය සාමාන්‍යාධිකාරි ආර්. පත්මප්‍රිය මහතා තනතුරින් ඉවත් කරන ලෙස බලකරමින් දුම්රිය රියැදුරු, ස්ථානාධිපති සහ පාලක සංගම් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (18) දිනයේද ක්‍රියාත්මක වේ.
මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී ඇති අතර, ධාවනය වූ දුම්රිය ද ප්‍රමාද වී ගමන් කිරීම නිසා මගීහු දැඩි පීඩාවට පත්වූහ. බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු නොවූ අතර, ඇතැම් මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කිරීමට සිදුවිය.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ, සිය ඉල්ලීම් ඉටු නොවුණහොත් ඉදිරියේදී දෙවන අදියර ලෙස දැවැන්ත වර්ජනයකට අවතීර්ණ වන බවයි. කෙසේ වෙතත්, ඇතැම් වෘත්තීය සමිති නායකයින් මෙම වර්ජනය අසාර්ථක එකක් බව පවසමින්, දුම්රිය සේවාවන් පවත්වාගෙන යාමට හැකි වූ බව සඳහන් කරති.
මේ අතර, නුගේගොඩ දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටුව වසා දැමීම හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර, ඔවුන්ට දුම්රිය මාර්ගය දිගේ ගමන් කිරීමට සිදුවීම බරපතළ තත්ත්වයක් බව මගීහු චෝදනා කරති. වර්ජනය නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බව පවසන මගීන්, වගකිවයුතු පාර්ශවයන්ගෙන් කඩිනම් විසඳුමක් ඉල්ලා සිටී.
