වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ, කොහේන්පන්විල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් ලීටර් 112 මිලිලීටර් 500ක ප්‍රමාණයක් සහ මත්පැන් පෙරීම සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 567ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version