ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිකරගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 204 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම පිරිස ඊශ්‍රායලයේ හෝටල්, ආපනශාලා සහ විවිධ කර්මාන්ත ක්ෂේත්රයන්හි රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටිති.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, වත්මන් රජය යටතේ විදේශ රැකියා ක්ෂේත්රයේ සිදුවිය හැකි වංචා සහ දූෂණ ක්‍රියාවලින් 90%ක් පමණ මේ වන විට සාර්ථකව වළක්වා ගැනීමට හැකිවී ඇති බවයි.
එමෙන්ම, විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවන විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු අනාවරණය විය. 2024 වසරේදී විගමනික ශ්‍රමිකයන් විසින් රුපියල් බිලියන 7ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති අතර, 2026 වසරේදී එම අගය බිලියන 6 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
