කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මෙම තත්ත්වය හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගංගා ජල මාපකවල දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවද සඳහන් වේ.

එබැවින්, එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ග භාවිතා කරන රියදුරන් ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version