ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හපුර් ප්‍රදේශයේ පිහිටි කාර්යබහුල වෙළෙඳපොළකදී මෙම සිද්ධිය වාර්තා වී ඇත. පාන් පකෝඩා මිලදී ගැනීමට පැමිණි පිරිසක් තමන්ට අවශ්‍ය කොළ චට්නි වෙනුවට සියඹලා චට්නි ලබාදීම සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියා සමඟ උරණ වී තිබේ.
මෙම මතභේදය පසුව දෙපිරිසක් අතර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පාලනය කර ගැනීමට නොහැකි තරමට උණුසුම් වී ඇත. ගැටුම අතරතුර පිති, ගල්, බඳ පටි සහ ආහාර පිසීමට භාවිතා කරන යකඩ පෙරනයක් ද ආයුධ ලෙස යොදාගෙන ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකු එකිනෙකාට පහර දෙන ආකාරය සහ එක් අයෙකු සිහිසුන්ව ඇද වැටෙන අයුරුයි. කාන්තාවන් ඇතුළු කිහිප දෙනෙකු ගැටුම නතර කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැත.
මෙම ගැටුමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ගැටුමට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බව බලධාරීන් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර