චීන මධ්‍ය සරත් සෘතු උත්සවය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සංස්කෘතික උළෙලක් පසුගිය 24 වන දින කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා චීනයේ ජර්ජියාං පළාතේ කලාකරුවන් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක් විය.
කොළඹ පිහිටි චීන සංස්කෘතික මධ්‍යස්ථානය, ජර්ජියාං පළාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශගත චීන සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය ද මෙහි සම-සත්කාරකත්වය දැරීය.
උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුවාෂියැං මහතා සඳහන් කළේ, දෙරටේ ජනතාවගේ හදවත් සමීප කරමින් සංස්කෘතික හුවමාරුව සඳහා මෙම උත්සවය පාලමක් බඳු බවයි. ශ්‍රී ලංකා ජනතාවගේ සාමකාමී බලාපොරොත්තු සහ චීන ජනතාවගේ අභිලාෂයන් එකම චන්ද්‍රයෙකු යටතේ බෙදා හදා ගැනීමට මෙය කදිම අවස්ථාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ මානවීය බැඳීම් ශක්තිමත් කර ගැනීමට මෙවැනි උත්සව ඉවහල් වන බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර