බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව මුදා ගැනීම සහ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී නිරෝගී පරපුරක් බිහි කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්ති ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම උළෙලේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන තරුණයන් ඉන් මුදාගෙන ඔවුන්ගේ ජීවිතවලට ක්‍රීඩාශීලීත්වය එක් කිරීම රජයේ වගකීමක් බවයි. රටේ ආර්ථිකය ස්ථාවර වීමට සමගාමීව ක්‍රීඩාව, කලාව සහ තාක්ෂණය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත සම ශූරතාව ලකුණු 130 බැගින් ලබාගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක විසින් දිනාගත් අතර, ගාල්ල දිස්ත්‍රික්කය තෙවන ස්ථානයට පත්විය. තරගාවලිය පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව වාර්තා රැසක් පිහිටුවීමට ද සමත් විය.
ග්‍රාමීය මට්ටමේ දක්ෂතා ඇති තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙම ක්‍රීඩා උළෙලේ මූලික අරමුණයි. මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
