ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළි සායි පල්ලවී, ‘රාමායණය’ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ලන්ඩන් නුවරදී සහභාගී වූ අවස්ථාවේදී ඇයගේ නවතම විලාසිතාව කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඇඳුම් විලාසිතාවන්ට වැඩි නැඹුරුවක් දක්වන ඇය, මෙවර කළු පැහැති ජීන්ස් කලිසමක් සහ ලා දුඹුරු පැහැති සිල්ක් කමිසයකින් සැරසී සිටීම විශේෂත්වයක් විය. මැන්ඩරින් කොලරයකින් සහ ලිහිල් අත් සහිතව නිර්මාණය කර තිබූ මෙම ඇඳුම ඇයගේ සරල බව තවදුරටත් ඉස්මතු කළේය.

මෙම අවස්ථාවට ඇය සමඟ රාමායණය චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන රන්බීර් කපූර් සහ යෂ් ද එක්ව සිටියහ. ඔවුන් දෙදෙනා ද නවීන විලාසිතාවලින් සැරසී සිටිනු දක්නට ලැබිණි.

නමිත් මල්හෝත්‍රාගේ නිෂ්පාදනයක් වන රාමායණය චිත්‍රපටය කොටස් දෙකකින් සමන්විත වන අතර, එහි පළමු කොටස නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත කිරීමට නියමිතය. මෙම දැවැන්ත සිනමා නිර්මාණය සඳහා රන්බීර් කපූර් රාම ලෙසත්, සායි පල්ලවී සීතා ලෙසත්, යෂ් රාවණා ලෙසත් රංගනයෙන් දායක වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version